Showing posts with label ජින්තු. Show all posts
Showing posts with label ජින්තු. Show all posts

අළුත් පාරක යන අයිස් පලම

කොහොමද? ඉතින් ඔන්න මම හුඟ කාලෙකට පස්සේ ආයිත් බ්ලොග් එක පැත්තට ආවා. මේ දවස් වල පොඩි වැඩ වගයක් තිබුන නිසා කවියක් වත් ලියන්න වෙලාවක් තිබුනේ නෑ. මම තීරනය කලා මේක අලුත් පැත්තකට ගෙනියන්න. ඒ කියන්නේ කවිම ලියන්නේ නැතුව මගේ ආගිය තොරතුරු,ගැනත් මේකේ ටිකක් ලියන්න.අද ඉඳලා මම ඒ වැඩෙත් පටන් ගන්නවා.එහෙනම් ඔයාලට ජය !!!!!!!!!!!

Monday, October 3, 2011 වේලාව 6:30 PM , 2 Comments

අන්ධ ආදරය


උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


Saturday, August 27, 2011 වේලාව 11:27 PM , 1 Comment

මල් කැකුළී



සිත කියයි මඟහරිනු.
නමුත්
එක සිතක් නොමැතිව
ආත්මාර්ථකාමීව
කෙසේ අත්හරිම්ද?
මල් කැකුලිය
ඔබව
තවත් එකියක
හදවතට ආ පලියට

Tuesday, July 5, 2011 වේලාව 2:29 PM , 1 Comment

ආදරය


කලෙක මලක් සේ
සුවඳ දෙන
තවත් විටෙක ගඟුලක් සේ
මා හද පාරන
විටෙක මද පවන වී
මා ගත සනසන
තවත් වරෙක කුනාටුවක් වී
මා සිත හිස් කරන
නමුත්
මා පණ මෙන් ආදරය කරන
ආදරයයි
ඔබ.......

Monday, June 27, 2011 වේලාව 3:19 PM , 1 Comment

බලාපොරොත්තුව


තනිකම උරුම වූ
නිහඬ පාලු නවාතැන
නැත එදා මෙන්
කවුදෝ පැමිණ
කොඳුරයි.
සයිබර් අවකශයෙන්
නැවුම් වෙනසක්
අළුත් පැතුමක්
ගුලිවෙයි සිත් කොනක
ඇයයි
මුළු ලෝකයම
දැන් මට

Thursday, June 23, 2011 වේලාව 1:10 AM , 1 Comment

ගුරු ගෝල සබඳතාව


සඳවන් මුහුනින්
ගලන සොමි කැලුමින්
නැහැවෙයි මා උමතුවෙන්
නිල්වන් දෙනෙත
මා දෙස බලමින්
ඉඟි කරයි සැනෙකින්
මෙලෙස අපි සිටියත්
ගතින් ලංවී තවමත්
සිතින් අපි දුරයි
ගව් ගනනක්
ඔබ ගුරු තුමිය
මා ගෝලයා
වන හෙයින්..

Wednesday, June 22, 2011 වේලාව 11:24 PM , 1 Comment

අයිස් පලම

උදේම පැමින
තැනක් අල්ලාගෙන
තුරුළු වී ඉඳහෙන
අයිස් පලම් එකක් ගෙන
දෙදෙනාම ලෙවකා
උදේට කෑ දවල්ට රෑට
කනදේ කියවමින්
කල් මරන
පුහු පුස් දෙයකි
ආදරය !!!

වේලාව 11:03 PM , 1 Comment

සාමය




සුදු පරවියනි

ඔබ කොතැන සැඟවුනිද?

විසි වසක් තිස්සේ

දුක් ගැහැට විඳහාමත් වී

ලෙයින් රතු වුන අපේ රට

නැවත සනසන්න

සාමයෙ මල් සුවඳින්

අනේ එන්න !!

සුදු පරෙවියනි කෙසේ හෝ

සාමයේ හඬ නගමින්

සුදු පියාපත් විහිදමින්

Monday, December 14, 2009 වේලාව 8:29 PM , 2 Comments

සරසවිය



මම මඟ බලා සිටියෙමි

ඔබ මා තුරුලට ගෙන

සොඳුරු කවි වදන් තෙපලමින්

දරුවකු ඇකයට ගත් මවක මෙන්

මා නලවන තෙක්

නමුත්

සංයෝග අතර සිරවුනු

මට නොහැඟුනෙමි

ඒ මියුරු බස්

වේලාව 8:17 PM , 0 Comments

වියපත් පෙම්වතා



රැළි ගැසුනු නළල

වළ ගැසුණු මුහුණ

කුදු ගැසුන කොන්ද

දකින ඔබට ඇති වුනද

දරා ගත නොහැකි

පිළිකුලක්

මා ප්‍රියාවිය

කෙසේ පවසම් ද?

ආදරය කරනා බව

ඔබට මම

සයුරු රළ ඇති තෙක්

වේලාව 8:03 PM , 0 Comments

වසන්තය



සරා සඳ මෙන්

දිවි තඹර නැඟී

ඉර බටු තරුව මෙන්

සැනෙකින් බැස ගිය

ඒ සොඳුරු වසන්තය

කෙමෙන් දළු ලනු මැන

නැවතත් මලොවම එකළු කර

එදින එනතුරු

මම ඇඟිලි ගනිමි

වේලාව 7:40 PM , 2 Comments

නොදුටු කුමරිය



සොඳුරු දවසක් උදාවිය

නොදුටු කුමරියක්

කොහේදෝ සිට ඇවිදින්

මා හට තුරුළු විය

දින,, සති,, මාස,, ගතවිය

නමුදු

ඒ සොඳුරු මිහීරි මතකයන්

තවමත් අඳුරින්

මා හද වේලාගෙන

මුදවාගත නොහැකිව

ලතවෙයී මා හද.

එහෙත්,,,

කෙලෙස කියන්නද??

ඔබට යන්නට

මා සිත අතහැර

තවමත් මා හද ඔබ ලඟ

Friday, December 11, 2009 වේලාව 3:32 PM , 2 Comments

සඳ කුමරු




ළන් වුනත් සිතට ඔබ මා නොදැන,,,

අන්සතුය මා නුඹට හිමි නැතිය

ඉකිබිඳින ඔය නෙතඟ පිසලන්න

සනසන්න නොහැක මට කිසිදිනක

ඔය සුරත අරගන්න සිපගන්න

සඳ කුමරු වඩිවී යම් දිනක

තරු කැටද වැටි ඒ මඟ දෙපස

මඟ කියයී කුමරු හට වඩීන්නට

වේලාව 3:29 PM , 0 Comments