Thursday, June 30, 2011
වේලාව
3:20 PM
,
2 Comments
ඔබ දේවියකි මම දස්කොන් වන අතර
අසම්මත පෙමකි අප දෙදෙනා අතර
සැලවී රජුට අප හමුවන බව නිතර
දැන් මට යන්න වෙයි මරු හා ඔබ අතැර
සිංහලයන් සමග පිටරැටියන්ගෙ සිත
තුල තිබු ප්රශ්න ටික ටික මතු වෙලා ඇත
එනිසා ඔබ සමග මා පෙම් කල පුවත
රජුහට කියා මාගෙන් පලි ගන්න ඇත
සොඳුරියෙ එපා මා මැරුවට දුක් වෙන්න
රාවන පුවත ඔබ සිහියට අරගන්න
සීතාවන් නෙතින් දුටු ඔහු හිස දුන්න
ඔබෙ සැප වින්ද මට හැක මගෙ හිස දෙන්න
අසම්මත පෙමක වෙලිලා අපි දෙන්නා
ගත කල අතීතය ටික ටික සිහි වෙන්නා
ඔබ සතු සියලු දේ සතුටින් ඔබ දුන්නා
ඒ සැම අරන් මම සතුටින් පිට වෙන්නා
මේ සංසාරෙ ඔබ මගෙ කර ගන්න පින
නැත සොඳුරියේ මට මරු හා යන්න වුන
මතු සංසාරෙ ඔබ මගෙ කර ගන්න එන
බව දැන මියෙන තෙක් සතුටින් සිටිනු මැන
අසම්මත පෙමකි අප දෙදෙනා අතර
සැලවී රජුට අප හමුවන බව නිතර
දැන් මට යන්න වෙයි මරු හා ඔබ අතැර
සිංහලයන් සමග පිටරැටියන්ගෙ සිත
තුල තිබු ප්රශ්න ටික ටික මතු වෙලා ඇත
එනිසා ඔබ සමග මා පෙම් කල පුවත
රජුහට කියා මාගෙන් පලි ගන්න ඇත
සොඳුරියෙ එපා මා මැරුවට දුක් වෙන්න
රාවන පුවත ඔබ සිහියට අරගන්න
සීතාවන් නෙතින් දුටු ඔහු හිස දුන්න
ඔබෙ සැප වින්ද මට හැක මගෙ හිස දෙන්න
අසම්මත පෙමක වෙලිලා අපි දෙන්නා
ගත කල අතීතය ටික ටික සිහි වෙන්නා
ඔබ සතු සියලු දේ සතුටින් ඔබ දුන්නා
ඒ සැම අරන් මම සතුටින් පිට වෙන්නා
මේ සංසාරෙ ඔබ මගෙ කර ගන්න පින
නැත සොඳුරියේ මට මරු හා යන්න වුන
මතු සංසාරෙ ඔබ මගෙ කර ගන්න එන
බව දැන මියෙන තෙක් සතුටින් සිටිනු මැන
ලිව්වේ මුස්ෆීර්
Tuesday, June 28, 2011
වේලාව
11:11 PM
,
0 Comments
ප්රථම පෙම මියැදී
දෙවන පෙම මියැදී
මා තවම සිහියෙන්
සිටී නොමියැදී
කඳුලු කැට ගබඩාව
සිඳී වියලී ගොස්
සුසුම් ලන යන්තරය නම්
තවම යහතින්
වේදනා ලෝදියෙන්
හද කුහර නෑවේ
තවම මා සිහියෙන්
සිටිනු කිම මෙලෙසින්...
ලිව්වේ බින්දු
වේලාව
2:50 PM
,
3 Comments
කලෙක මලක් සේ
සුවඳ දෙන
තවත් විටෙක ගඟුලක් සේ
මා හද පාරන
විටෙක මද පවන වී
මා ගත සනසන
තවත් වරෙක කුනාටුවක් වී
මා සිත හිස් කරන
නමුත්
මා පණ මෙන් ආදරය කරන
ආදරයයි
ඔබ.......
ලිව්වේ ජින්තු
Monday, June 27, 2011
වේලාව
3:19 PM
,
1 Comment
ලා සඳ එබෙන සඳ
කළුවර වලා යටින්
නොබලමි
තව එදෙස
ඔබෙ වත
දකින අටින්
කඳුලැලි පිරුණු
මතකය
ගුලි කර ගෙන දෙමිටින්
නොතැවෙමි
නොම හඬමි
සොඳුරිය
පසුව හෙටින්
ලිව්වේ දෙනුවන්
Saturday, June 25, 2011
වේලාව
3:27 AM
,
4 Comments
මගේ හිත් අහසට එදා
අහම්බෙන් ඔබ පායලා,,,
සිතම පිරිමැද ආදරේ විද
කීවෙ මා ඔබගේ කියා,,,
පතාගෙන හිටියත් බලා
විශ්වයම ඔබමයි කියා,,,
අවදි කර පෙම මගේ සද ඇයි
ගියේ වෙන අහසක් සොයා . . .
ලිව්වේ නිශානි
Thursday, June 23, 2011
වේලාව
10:18 PM
,
1 Comment
තනිකම උරුම වූ
නිහඬ පාලු නවාතැන
නැත එදා මෙන්
කවුදෝ පැමිණ
කොඳුරයි.
සයිබර් අවකශයෙන්
නැවුම් වෙනසක්
අළුත් පැතුමක්
ගුලිවෙයි සිත් කොනක
ඇයයි
මුළු ලෝකයම
දැන් මට
ලිව්වේ ජින්තු
සඳවන් මුහුනින්
ගලන සොමි කැලුමින්
නැහැවෙයි මා උමතුවෙන්
නිල්වන් දෙනෙත
මා දෙස බලමින්
ඉඟි කරයි සැනෙකින්
මෙලෙස අපි සිටියත්
ගතින් ලංවී තවමත්
සිතින් අපි දුරයි
ගව් ගනනක්
ඔබ ගුරු තුමිය
මා ගෝලයා
වන හෙයින්..
ලිව්වේ ජින්තු
උදේම පැමින
තැනක් අල්ලාගෙන
තුරුළු වී ඉඳහෙන
අයිස් පලම් එකක් ගෙන
දෙදෙනාම ලෙවකා
උදේට කෑ දවල්ට රෑට
කනදේ කියවමින්
කල් මරන
පුහු පුස් දෙයකි
ආදරය !!!
තැනක් අල්ලාගෙන
තුරුළු වී ඉඳහෙන
අයිස් පලම් එකක් ගෙන
දෙදෙනාම ලෙවකා
උදේට කෑ දවල්ට රෑට
කනදේ කියවමින්
කල් මරන
පුහු පුස් දෙයකි
ආදරය !!!
ලිව්වේ ජින්තු
Subscribe to:
Posts (Atom)