රස නැති නිසදැස


ප්‍රථම පෙම මියැදී
දෙවන පෙම මියැදී
මා තවම සිහියෙන්
සිටී නොමියැදී
කඳුලු කැට ගබඩාව
සිඳී වියලී ගොස්
සුසුම් ලන යන්තරය නම්
තවම යහතින්
වේදනා ලෝදියෙන්
හද කුහර නෑවේ
තවම මා සිහියෙන්
සිටිනු කිම මෙලෙසින්...

Tuesday, June 28, 2011 වේලාව 2:50 PM

3 Comments to "රස නැති නිසදැස"

Posted by සින්දු ( June 28, 2011 at 10:33 PM )

එකම පැතුමක්
දෙහදකට කොටුවෙලා
ආදරේ වියෝවෙන්
ඔබ ඔබෙන් වෙන්කලා
එකම හිස් අහස තුල
හිරු සදුත් පායලා
සද කුමරු සිපගන්න
ආවාට පසෙකලා..

ප්‍රථම පෙම පිවිතුරුය
නොරැඳිමුත් හැමදාම
හැර ගොසින්
ඔබ මසිත
ඇයිද? මේ
සෝ තාප
බිඳී ගිය යන්තරය
නැවත පණ නොයදීවි
අතීතය සමඟ එය
පස් යටම සැඟවේවි

Posted by සින්දු ( June 28, 2011 at 11:04 PM )

තනිකමට තනි වි..
සිදිනු බෑ හැමකල්ම..
හැර ගියේ මම නොවේ..
ඔබයි මාගෙන් මෙලෙස..


සිත ඉල්ලන්නෙ ඔබ වුවත්..
හිමි අහිමි ඔබේ රුව..
දැකගන්න තව වරක්..
ලගදිම එනවාද?

Post a Comment