බොඳ වූ සිහිනය


ලා සඳ එබෙන සඳ
කළුවර වලා යටින්
නොබලමි
තව එදෙස
ඔබෙ වත
දකින අටින්
කඳුලැලි පිරුණු
මතකය
ගුලි කර ගෙන දෙමිටින්
නොතැවෙමි
නොම හඬමි
සොඳුරිය
පසුව හෙටින්

Saturday, June 25, 2011 වේලාව 3:27 AM

4 Comments to "බොඳ වූ සිහිනය"

කඳුලින් පෙඟුණු ඉදිමුණු ඇසි පිය බරට
බොඳ වුනු මැකුණු සිත් සිතුවම් ගෙන මිටට
ගුලි කොට ඉරා විසි කොට සමු දුන් නුඹට
සමු දෙනු නොහැකි මන්දැයි පැනයකි මෙ මට...

නෙතු පියන් වසාවිත්..
නැගෙන කදුලක උනුසුමින්..
දැනෙන සුසුමක සැනසුමෙන්..
හෙට දිනට ජය මංගලම්..

සුන්දර අතීතය සඟවා
කඳුළු යටින්
කෙලෙසක හිනහේද?
හිරු පායා ඇති මුත්
හද තුල උනත්
නැවතත් ලං වන පැතුමන්
ගුලිකර ගෙන සිටිමි
නිති ඔබ
සතුටින් නම්

Posted by සින්දු ( June 25, 2011 at 4:02 AM )

තදවුනු බිදුනු කදුලැලි වල ඇති බරට..
තනිවුනු හදවතක් අද ඉකි බිදිනු ඇත..
මැලවුනු පිලුනු වු ප්‍රේමය පසෙක කොට..
සැනසෙනු කෙලෙස හෝ මිතුරේ ඉදිරියට..

Post a Comment