
මම මඟ බලා සිටියෙමි
ඔබ මා තුරුලට ගෙන
සොඳුරු කවි වදන් තෙපලමින්
දරුවකු ඇකයට ගත් මවක මෙන්
මා නලවන තෙක්
නමුත්
සංයෝග අතර සිරවුනු
මට නොහැඟුනෙමි
ඒ මියුරු බස්
ලිව්වේ ජින්තු
වේලාව
8:17 PM
,
0 Comments
රැළි ගැසුනු නළල
වළ ගැසුණු මුහුණ
කුදු ගැසුන කොන්ද
දකින ඔබට ඇති වුනද
දරා ගත නොහැකි
පිළිකුලක්
මා ප්රියාවිය
කෙසේ පවසම් ද?
ආදරය කරනා බව
ඔබට මම
සයුරු රළ ඇති තෙක්
ලිව්වේ ජින්තු
වේලාව
8:03 PM
,
0 Comments

සරා සඳ මෙන්
දිවි තඹර නැඟී
ඉර බටු තරුව මෙන්
සැනෙකින් බැස ගිය
ඒ සොඳුරු වසන්තය
කෙමෙන් දළු ලනු මැන
නැවතත් මලොවම එකළු කර
එදින එනතුරු
මම ඇඟිලි ගනිමි
ලිව්වේ ජින්තු
වේලාව
7:40 PM
,
2 Comments

සොඳුරු දවසක් උදාවිය
නොදුටු කුමරියක්
කොහේදෝ සිට ඇවිදින්
මා හට තුරුළු විය
දින,, සති,, මාස,, ගතවිය
නමුදු
ඒ සොඳුරු මිහීරි මතකයන්
තවමත් අඳුරින්
මා හද වේලාගෙන
මුදවාගත නොහැකිව
ලතවෙයී මා හද.
එහෙත්,,,
කෙලෙස කියන්නද??
ඔබට යන්නට
මා සිත අතහැර
තවමත් මා හද ඔබ ලඟ
ලිව්වේ ජින්තු

ළන් වුනත් සිතට ඔබ මා නොදැන,,,
අන්සතුය මා නුඹට හිමි නැතිය
ඉකිබිඳින ඔය නෙතඟ පිසලන්න
සනසන්න නොහැක මට කිසිදිනක
ඔය සුරත අරගන්න සිපගන්න
සඳ කුමරු වඩිවී යම් දිනක
තරු කැටද වැටි ඒ මඟ දෙපස
මඟ කියයී කුමරු හට වඩීන්නට
ලිව්වේ ජින්තු
වේලාව
3:29 PM
,
0 Comments
Subscribe to:
Posts (Atom)