සුරකබාවත


සුරාවේ අගයත්
එහි ඇති අමා ගුණයත්
බොන සුදනෝ දතත්
නොබොන අනුවණ දනෝ නොදනිත්

ගල් බාගෙ ඇත්තේ
සෝඩ යහමින් ඇත්තේ
ශොට් තුනකි ගත්තේ
කබා සුවඳයි පහළ වත්තේ

සුවඳ මල් නෙලලා
රවුමට හොඳට ඔතලා
වඩියක් උඩට ඇදලා
සදෙව් ලොව දෙස බලමු හැරිලා

දෙව් ලොව ගොසින් ආපසු මා එන ගමනේ
හිරි පොද වැටෙනවා දැනිලයි අවදි උනේ
කබා ගොඩක් මැද වැටිලයි මා උන්නේ
මූත්රා කරයි බල්ලෙක් ඇඟට අනේ

මල් ලස්සනයි පට්ටම සුවඳයි කීවා
ඔතනවා ගහනවා කියනා ඒවා
මොනවද මචං මම අහ ගන්නට ආවා
තෝරා දෙන්න මම දන්නේ නෑ මේවා

මල් වල සුවද හැමුනේ පන්සලේ නොවේ
මල්වල රසට ඇදුනේ බමඹරුනුත් නොවේ
මල් ගැන උගෙන උඹලට තේරුමක් නොවේ
මල් අපි කාටවත් දෙන්නේ සැපක් නොවේ

ඇඹිලිපිටියෙ කෙතරම් මල් වතු තිබුණත්
පේරාදෙණි මල් වත්තට යති කවුරුත්
බැස යයි සැපය ටිකකින් ඔතලා ගැහුවත්
මල් වැනි සිතක සෙනෙහස සැමදා පවතිත්

Sunday, July 3, 2011 වේලාව 8:22 PM

5 Comments to "සුරකබාවත"

මල් ගැන උගෙන "වකාට" තේරුමක් නොවේ...
"වකාට" යන්න "උඹලට" ලෙස වෙනස් කල මැනවි!

දෙවැට අයිනේ මල් පිපෙන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ මල් නෙලන්නේ fun එකක් ලබන්නයි
සුවඳ මල් වලින් ඔතන ඒවාත් පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ මල් ගසාලා ඉන්නෙ සුර ලොවේ මයි

සියුමැලි මල් යළි
ගසාලා පා හසරැළි
නෑ විළි, සළුපිළි
හෙළුව බැහැලා කළඑළි

බට කඩේ උන් අත වනන්නේ පුංචි මල්ලිලාටයි
මල්ලිලා ඒ බට ගසන්නේ දෙව් ලොවේ සිටින්නයි
හදවතේ සුසුමෙන් හමන්නේ ඒ බටේ සුගන්ධෙයි
බට කලාවේ චැම්පියන්ලා අමා මහ නිවනෙයි

බට මලේ උගුරකින්
හද වතේ සුසුමකින්
ලැබෙන ආ තල් එකෙන්
කිට්ටු වේ අපෙ නිවන්

-
සංස්කරනය කළේ WaKa සහ ka^de

"බැසලා යයි සැපය ටිකකින් ඔතලා ගැහුවත්"
"බැස යයි සැපය ටිකකින් ඔතලා ගැහුවත්" (ලා යන්න මකන්න)

හරි මචං මම ඒක වෙනස් කලා. කවියට තුති....දිගටම අයිස්පලම ඇවිත් ලෙවන්න.

කෝ කවුරුත් මේව කියවන්නෙවත් කොමෙන්ට් දාන්නෙවත් නෑ නෙ!

Post a Comment