අමාවක



පුරහඳ දිහා බලා නුඹේ මුහුන
දෙස බැලුවෙමි
සිහිවිය,අමාවකත් අත ලඟ
බව...

Thursday, June 30, 2011 වේලාව 3:20 PM , 2 Comments

දස්කොන් පුවත

ඔබ දේවියකි මම දස්කොන් වන අතර
අසම්මත පෙමකි අප දෙදෙනා අතර
සැලවී රජුට අප හමුවන බව නිතර
දැන් මට යන්න වෙයි මරු හා ඔබ අතැර

සිංහලයන් සමග පිට‍රැටියන්ගෙ සිත
තුල තිබු ප්‍රශ්න ටික ටික මතු වෙලා ඇත
එනිසා ඔබ සමග මා පෙම් කල පුවත
රජුහට කියා මාගෙන් පලි ගන්න ඇත

සොඳුරියෙ එපා මා මැරුවට දුක් වෙන්න
රාවන පුවත ඔබ සිහියට අරගන්න
සීතාවන් නෙතින් දු‍ටු ඔහු හිස දුන්න
ඔබෙ සැප වින්ද මට හැක මගෙ හිස දෙන්න

අසම්මත පෙමක වෙලිලා අපි දෙන්නා
ගත කල අතීතය ටික ටික සිහි වෙන්නා
ඔබ සතු සියලු දේ සතුටින් ඔබ දුන්නා
ඒ සැම අරන් මම සතුටින් පිට වෙන්නා

මේ සංසාරෙ ඔබ මගෙ කර ගන්න පින
නැත සොඳුරියේ මට මරු හා යන්න වුන
මතු සංසාරෙ ඔබ මගෙ කර ගන්න එන
බව දැන මියෙන තෙක් සතුටින් සිටිනු මැන

Tuesday, June 28, 2011 වේලාව 11:11 PM , 0 Comments

රස නැති නිසදැස


ප්‍රථම පෙම මියැදී
දෙවන පෙම මියැදී
මා තවම සිහියෙන්
සිටී නොමියැදී
කඳුලු කැට ගබඩාව
සිඳී වියලී ගොස්
සුසුම් ලන යන්තරය නම්
තවම යහතින්
වේදනා ලෝදියෙන්
හද කුහර නෑවේ
තවම මා සිහියෙන්
සිටිනු කිම මෙලෙසින්...

වේලාව 2:50 PM , 3 Comments

ආදරය


කලෙක මලක් සේ
සුවඳ දෙන
තවත් විටෙක ගඟුලක් සේ
මා හද පාරන
විටෙක මද පවන වී
මා ගත සනසන
තවත් වරෙක කුනාටුවක් වී
මා සිත හිස් කරන
නමුත්
මා පණ මෙන් ආදරය කරන
ආදරයයි
ඔබ.......

Monday, June 27, 2011 වේලාව 3:19 PM , 1 Comment

බොඳ වූ සිහිනය


ලා සඳ එබෙන සඳ
කළුවර වලා යටින්
නොබලමි
තව එදෙස
ඔබෙ වත
දකින අටින්
කඳුලැලි පිරුණු
මතකය
ගුලි කර ගෙන දෙමිටින්
නොතැවෙමි
නොම හඬමි
සොඳුරිය
පසුව හෙටින්

Saturday, June 25, 2011 වේලාව 3:27 AM , 4 Comments

අහිමි වූ ආදරය


මගේ හිත් අහසට එදා
අහම්බෙන් ඔබ පායලා,,,
සිතම පිරිමැද ආදරේ විද
කීවෙ මා ඔබගේ කියා,,,
පතාගෙන හිටියත් බලා
විශ්වයම ඔබමයි කියා,,,
අවදි කර පෙම මගේ සද ඇයි
ගියේ වෙන අහසක් සොයා . . .

Thursday, June 23, 2011 වේලාව 10:18 PM , 1 Comment

බලාපොරොත්තුව


තනිකම උරුම වූ
නිහඬ පාලු නවාතැන
නැත එදා මෙන්
කවුදෝ පැමිණ
කොඳුරයි.
සයිබර් අවකශයෙන්
නැවුම් වෙනසක්
අළුත් පැතුමක්
ගුලිවෙයි සිත් කොනක
ඇයයි
මුළු ලෝකයම
දැන් මට

වේලාව 1:10 AM , 1 Comment

ගුරු ගෝල සබඳතාව


සඳවන් මුහුනින්
ගලන සොමි කැලුමින්
නැහැවෙයි මා උමතුවෙන්
නිල්වන් දෙනෙත
මා දෙස බලමින්
ඉඟි කරයි සැනෙකින්
මෙලෙස අපි සිටියත්
ගතින් ලංවී තවමත්
සිතින් අපි දුරයි
ගව් ගනනක්
ඔබ ගුරු තුමිය
මා ගෝලයා
වන හෙයින්..

Wednesday, June 22, 2011 වේලාව 11:24 PM , 1 Comment

අයිස් පලම

උදේම පැමින
තැනක් අල්ලාගෙන
තුරුළු වී ඉඳහෙන
අයිස් පලම් එකක් ගෙන
දෙදෙනාම ලෙවකා
උදේට කෑ දවල්ට රෑට
කනදේ කියවමින්
කල් මරන
පුහු පුස් දෙයකි
ආදරය !!!

වේලාව 11:03 PM , 1 Comment